නිළ ඇඳුම් වවුචර් නොදුන්නා නම් කොමිස් මුදල රුපියල් කෝටි 20ක්

(කොළඹ, ලංකාපුවත්) – දේශපාලන වේදිකා තුළ ඇතැමුන් නිළ ඇඳුම් සඳහා වවුචර් නිකුත් කිරීම විවේචනය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට අද (26) උදෑසන එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ දී දරු දැරියන් 30% ක් පමණ නිල ඇඳුම් රෙදි ලබා නොගත් බව වාර්තා මගින් හෙළිවූ බවයි.

රුපියල් කෝටි 20ක් පමණ කොමිස් ලෙසින් ලබාගත හැකි වංචාවන් වැළක්වීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *