අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට උ. කොරියාව සූදානම් – ද. කොරියාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට උතුරු කොරියාව සූදානම් බව දකුණු කොරියාව පවසයි.

උතුරු සහ දකුණු කොරියා නියෝජිතයන් ශීත ඍතු ඔලිම්පික් තරගාවලියේ සමාප්ති උළෙලට පෙර හමුවීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත්කර තිබේ.

දකුණු කොරියාවේ පැවති ශීත ඍතු ඔලිම්පික් සමාප්ති උළෙලට උතුරු කොරියාවේ ගෙන් කිම් යොංගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී විය.

එහිදී ඔවුන් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. අමෙරිකාව නියෝජනය කරමින් ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් සමාප්ති උළෙලට එක්වුවද ඇය උතුරු කොරියා නියෝජිතයින් සමග කිසිඳු කතාබහක් සිදුකර නොමැත.

පියොංයෑන්ග් පාලනය සාකච්ඡා පිළිබඳ අදහස තහවුරුකර නොමැති බවද අවස්ථා ගණනක දී ප්‍රකාශ කර ඇත්තේ පූර්ව කොන්දේසියකින් තොරව තමන් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *