(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභීයා වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය මාර්තු 01 වනදාට යෙදී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
නියෝජ්‍ය තැපැල්පති (පාලන) වී. විවේකානන්දලිංගම් මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න යන මහත්වරුන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.