(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීයන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද එමගින් තම කර්මාන්තයට කිසිඳු බලපෑමක් නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කළේය.
ඉන්ධන මිල ඉහළයාම හරහා බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත්ම සිදු නොවන බව එම සංගමය සඳහන් පැවසීය.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසනු ලැබුවේ කිසි ලෙසකින් ලංකා ඛනිජ තෙල් සංස්ථවේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණයක් ගෙන නොමැති බවය.
එමෙන් ම ඉන්ධන හිඟයක් ඇති නොවන අයුරින් ඉන්ධන ලබාදීමට කටයුතු කෙරෙන බව ද පැවසූ ධම්මික රණතුංග මහතා ඉන්ධන මිල ඉහළ දැමීමට නම් රජය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු බවත් එහෙත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් පැවසී ය.