(කොළඹ, ලංකාපුවත්) –පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක, නියෝමාල් රංගජීව මහතා ඊයේ(28) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණවලට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් රංගජීව මහතා ඉදිරිපත් කළ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප විය.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
2012 වසරේ නොවැම්බර් මස 09 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට ලක්වූ රැඳවියන් හඳුනා ගැනීම සදහා නියෝමාල් රංගජීව මහතා මූලිකත්වය ගෙන ඇති බව අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් අනාවරණය විය.
එම වාර්තාවට අනූව නියෝමාල් රංගජිව මහතා වැලිකඩ ගැටුමේ ප්‍රධාන සැකකරුවෙකි.
පසුගිය වසරේ පිළියන්දලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් නියෝමාල් රංගජීව මහතා බරපතළ තුවාල ලබා සුවය ලබා සිටියේ ය.