(කොළඹ, ලංකාපුවත්) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සමත්ව තිබේ.
21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ඊයේ (04) මහත් උත්සවාකාරයෙන් ගෝල්ඩ්කෝස්ට්හි කරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කණ්ඩායම් 71 කගේ නියෝජනයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500 කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා 25 ක් ඔස්සේ තරග වදිනු ලබන 21 වැනි ගෝල් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ඉසව් අද (05) සිට පුරා දින 11 ක් පැවැත්වේ.
සමාරම්භක දිනය වන අද ජිම්නාස්ටික්, බැඩ්මින්ටන්, පැසිපන්දු, බොක්සිං, පාපැදි, හොකී, ලෝන් බෝල්, දැල්පන්දු, ස්කොෂ්, පිහිනුම්, මේස පන්දු, බර ඉසිලීම සහ සප්ත ප්‍රයාම යන ඉසව් පැවැත්වීමට යෙදී තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද පැවැත්වෙන තරගයන්හිදී පිහිනුම්, බර ඉසිලීම, ස්කොෂ් සහ බැඩ්ම්න්ටන් යන ක්‍රීඩාවලින් අදාළ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් වෙනුවෙන් සටන් වදිනු ඇත