(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් රෝහල්ගත කර ඇත.
ඔහුගේ බිරිඳ වන බාබරා බුෂ්ගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් රෝහල්ගත කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ආසාදනයක් හේතුවෙන් ඔහුප මෙලෙස දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සදහන් වේ.
හිටපු ජනාධිපතිවරයාගේ රුධිරයේ ආසාදන තත්ත්වය සිරුර පුරා පැතිර ගොස් ඇති බව ඔහුගේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
මේ වන විට 93වන වියෙහි පසුවන ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් 1989 සිට 1993 දක්වා අමෙරිකා ජනාධිපති ධුරයේ කටයුතු කරන ලදි. ඔහුගේ බිරිඳ බාබරා බුෂ් මිය ගියේ පසුගිය අඟහරුවාදාය. අවමංගල්‍ය කටයුතු සෙනසුරාදා සිදුකෙරුණි.
බාබරා බුෂ් මිය යන විට 92වැනි වියෙහි පසුවිය. එක්සත් ජනපද ඉතිහාසයේ දීර්ඝතම ජනාධිපති විවාහය ලෙස මොවුන් දෙදෙනාගේ විවාහය සැලකේ. ඔවුන්ගේ විවාහ දිවියට වසර 73කි්
හූස්ටන් මෙඩිසයිට් රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවද වාර්තා වේ.