(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා නිමාවූ 21වැනි පොදුරාජ්‍ය මණ්ලීය ක්‍රීඩා උළලේදී මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය ලෙස ඉතිහාසයේ නම රැන්දීමට උරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග ලබාදීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව වෙත එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් හිමි වූ අතර ඒ බර ඉසිලීම ක්‍රීඩාව වෙනුවෙන් ඉන්දික දිසානායක (රිදී), දිනූෂා ගොමස් (ලෝකඩ), චතුරංග ලක්මාල් (ලෝකඩ) සහ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් අනූෂා කොඩිතුවක්කු (ලෝකඩ), ඉෂාන් බණ්ඩාර (ලෝකඩ), තිවංක රණසිංහ (ලෝකඩ) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය.
ඇගයීම් උත්සවයේදී ජනාධිපතිතුමන් අතින් ඉන්දික දිසානායක ක්‍රීඩකයා හට රුපියල් ලක්ෂ 40 මුදල් ත්‍යාගයක් හා අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට රුපියල් ලක්ෂ 30 බැගින් මුදල් ත්‍යාග පිරීනැමීමට නියමිතය.
තවද මෙම ජයග්‍රහණ සඳහා මඟ තනා දුන් පුහුණුකරුවන් වෙත ක්‍රීඩකයන් වෙත පිරිනැමෙන මුදලේ වටිනාකමින් සියයට 25ක වටිනාකමකින් යුත් මුදල් ත්‍යාග ද පිරිනැමෙනු ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලී ක්‍රීඩා උළෙලකදී පදක්කම් ලාභීන් වෙත මෙතෙක් ඉතිහාසයේ ලබාදුන් ඉහළම මුදල් ත්‍යාග මෙය වේ.