ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම ක්‍රියාකාරී වලාකුළු පද්ධති ඉදරි පැය කිහිපය තුල දීද සක්‍රීයව පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

එබැවින් දිවයිනට නිරිත, දකුණ සදහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකිය.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සුළං වේගය පැයට කිලෝමීටර 70- 80 පමණ ඉහළ යාමක් ඇති හෙයින් එම මුහුදු ප්‍රදේහ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *