රාමසාන් උපවාසය සිකුරාදා – කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – සිකුරාදා (18) අළුයම සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ.

නව සද දර්ශනය වීම නිසා ශ්‍රී ලංකා ඉස්ලාම් බැතිමතුන් විසින් එදින සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය වැඩිදුරටත් පවසා සිටි.

කෙසේ වෙතත් සෞදී අරාබිය ඇතුළු රටවල් කිහිපයක් ඊයේ (16) නිවේදනය කර සිටියේ නව සද දර්ශනය නොවීම නිසා අද (17) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *