(කොළඹ, ලංකාපුවත්) – ආපදාවෙන් සිදු වූ අනතුරුවලට ලක්ව මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට පියවර ගන්නා බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
වෘත්තීන්වල නිරතව සිටියදී මිය ගිය අය වෙනුවෙන් අනිවාර්යෙන්ම රුපියල් ලක්ෂ 10 ක වන්දියක් හිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම ගංවතුරට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් එක් නිවසක් වෙත රුපියල් 10000 ක්ද ලබා දීමට සැලසුම් කර තිබේ.
ආපදා කළමනාකරණය හා පශ්චාත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අද(23) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡුාවේදී විශේෂ අවදානයක් යොමු කෙරුණේ තවදුරටත් ඇති විය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීම හා පශ්චාත් ආපදා කළමනාකරණය පිළිබඳයි.
වැසි, ගංවතුර, නායයාම් ඇතුළු අනතුරුවලින් හානියට පත් නිවාස සඳහා වන්දි ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවදානය යොමු කෙරිණ. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ අදාල හානි පිළිබඳ තක්ෂේරු කිරීමේ කටයුතු කඩිනම් කර වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි. එමෙන්ම ළිං පිරිසිදු කිරීම අනෙක් කාරණයයි. ඒ වෙනුවෙන් යුද හමුදාව ඇතුළු ආපදා සහන බලඇනි සූදානම් කර ඇති බවද ඔහු පැවසීය.
වෛද්‍ය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳද මෙහිදී පුළුල්ව සාකච්ඡුා කෙරිණ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැවසුවේ සුරක්ෂිතතා කඳවුරුවල රදවා සිටින සෑම අයෙක්ම විශේෂ වෛi පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි. එම වැඩපිළීවෙල තවත් පුළුල් කරමින් සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාල, රෝහල් හා අනෙකුත් අංශ ඒකාබද්ධ කරමින් සෞඛ්‍ය පරීක්ෂාවන් ඉහළ දැමීමටද පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පැවසුවේ සෑම ජීවිතයක්ම රටට වටිනා බවයි. ඒ බව සිහි තබා ගනිමින් සියළු වඩකටයුතු සම්පාදනය කර ඇති බවත්, ඒ කෙරෙහි නිසි සැලකිල්ල දැක්වීම ජනතාවගේද වගකීමක් වන බවයි.
දැනුවත්ව හෝ නොදැනුවත්ව ගංවතුරට බැස ඇත්නම් ඒ සෑම අයෙකුම නිසි වෛi පරීක්ෂාවක් වෙත යොමු වීම ඉතා වැදගත් බවද රංගේ බණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙයි. මී උන වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පැවැතීම මීට හේතුව බවද ඔහු පැවසීය. කඳවුරු ගත ජනතාව වෙනුවෙන් සනීපාරක්ෂක තුවායේ සිට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීමට ද පියවර ගෙන ඇතැයිද ඔහු කියා සිටියේය. එමෙන්ම අවශ්‍යතා කඩිනමින් ලබා දීම සඳහා දිස්ති‍්‍රක් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත රුපියල් මිලියන 10 බැගින් ලබා දීමටද පියවර ගෙන තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැහැදිලි කළ තවත් කාරණයක් වන්නේ ගංවතුර සමග විනෝද වීමට යන පුද්ගලයින් බේරා ගැනීමටද ආපදා අංශවලට සිදුව ඇති බවයි. මෙය කණගාටුදායක තත්ත්වයක් බවද ගංවතුර යනු අනතුරක් බව අවබෝධ කර ගැනීම ජනතාවගේ වගකීමක් බවත් ඔහු පැහැදිලි කළේය.
දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන ලෙස දෙමාපියන්ට උපදෙස් ලබා දෙන අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ, ආපදා අංශ, කාලගුණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි ආයතන විසින් ලබා දෙන අවවාද කෙරෙහි නිසි අවදානය යොමු කරන ලෙසයි.