(කොළඹ, ලංකාපුවත්) – කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 340ක් සමඟ මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් මද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද(23) උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු සන්තයේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24.4ක් බව පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරු මෙම වතාව හැර 2016 වසරේ සිට 15 වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකි. ඔහු අද(23) දින මිනුවන්ගොඩ මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැදවුම් නියෝග ලබා ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.