අගමැති අද උතුරේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වේ.

වත්මන් රජය බලයට පත්වීමත් සමග උතුරු පළාත කේන්ද්‍ර කරගෙන නැවත පදිංචි කිරීම්, නිවාස ඉදිකිරීම්, ඉඩම් මුදා හැරීම්, රැකියා හා යටිතල පහසුකම් සැපයීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී එම ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම අඩුපාඩු ද සමාලෝචනයට භාජනය කෙරෙනු ඇත.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී සහ යාපනයේදී සමාලෝචන රැස්වීම් දෙකක් පැවැත්වෙන අතර, එම අවස්ථාවට මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රජයේ නිලධාරීන් ඇතුළු මහජන නියෝජිතයෝ, භාණ්ඩාගාර සහ වෙනත් අදාළ අමාත්‍යංශවල නිලධාරීහු රැසක් සහභාගී වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *