(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාතේ ව්‍යාප්ත වන වෛරස් උණ රෝගයට ගොදුරුවන රෝගීන්ට රජයේ රෝහල්වල ඉඩ කඩ ප්‍රමාණවත් නොවන්නේ නම් පෞද්ගලික රෝහලවල ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාට උපදෙස් ලබා දී ඇත.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට එක්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම්වරයාට මෙම උපදෙස් ලබාදී තිබේ.
පෞද්ගලික රෝහල්වලට රෝගීන් ඇතුලත් කිරීමේ දී අවශ්‍ය ප්‍රතිපාදන රජය මගින් ලබාදීමට නියමිතය. දකුණු පළාතේ වෛරස් උණ රෝගයට ගොදුරුවන දරුවන් බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහල ඇතුලත් කර ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
රෝගයට ගොදුරුව දකුණු පළාතේ රෝහල් වලට ඇතුලත් කර ඇති රෝගීන් අතර, අසාධ්‍ය තත්ත්වයේ සිටින දරුවන් නොමැති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. දැනට දකුණු පළාතේ මාතර, කරාපිටිය හා කඹුරුපිටිය යන රෝහල්වල රෝගීන් ප්‍රතිකාර ලබන අතර, ගත වූකාලය තුල රෝගීන් 12 ක් පමණක් මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කරයි. මෙලෙස මිය ගිය අය අතර වෙනත් සංකූලතා වලට ගොදුරු වූ රෝගීන් ද සිටි බව අධ්යක්ෂවරයා ප්‍රකාශ කරයි. රෝහල්ගතව සිටින රෝගීන්දෛනිකව නිරික්ෂණය කරමින් රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්යක්ෂවරයා සදහන් කරයි. අවශ්‍ය පහසුකම් සහ ඖෂධ රෝහල්වලට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.