(කොළඹ, ලංකාපුවත්) – අදට (31) යෙදී ඇති ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
”දුම්වැටි උවදුර වනසා දරිද්‍රතාවය අවම කර, සංවර්ධනය ප්‍රවර්ධනය කරමු” තේමාව යටතේ අද සිට ජූනි මස 30 දක්වා මෙවර කොඩි වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර ඊට සමගාමීව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සුවිශේෂී වැඩසටහන් සංවිධානය කර ඇත.
මෙම සමෘද්ධි කොඩි නිකුත් කිරීමෙන් රැස් කරන මුදල් සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් අඩුආදායම්ලාභීන් හා ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා යොදවනු ලැබේ.
කොඩි වැඩසටහන හරහා පසුගිය වසරේ දී දිවයිනෙන් වැඩිම අරමුදලක් රැස් කළ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යක්තුරේ කලාපයේ උස්සාව සමෘද්ධි මූල සංවිධානයේ දැරියක විසින් මෙහිදී මෙම වසරේ පළමු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.
අමාත්‍ය පී. හැරිසන්, සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුවේ අධ්යක්ෂ පී.ආර්.ඩී.එච්. අනුරවංශ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ගෝලීය මධ්‍යසාර ප්‍රතිපත්ති සමුළුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුම ද ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මෙම සමුළුව පසුගිය වසරේදී ඔස්ටේ්රලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වුණු අතර රාජ්‍ය නායකයා ලෙස මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන ඇති සුවිශේෂී පියවර අගයමින් 2019 වසරේදී එය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ශී‍්‍ර ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් සහ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ පුබුදු සුමනසේකර යන මහත්වරුන් විසින් අදාළ ගිවිසුම ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.