​දේශපාලනඥයින් මැතිවරණ කටයුතු සදහා විවිධ පාර්ශව වලින් මුදල් ලබාගැනීම ගැන ඇමති අකිල කියයි

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලනඥයින් තම මැතිවරණ කටයුතු සදහා විවිධ පාර්ශව වලින් මුදල් ලබාගැනීම පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉදිකරන ලද බලපිටිය රේවත ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසා සිටියේය.

මාධ්‍යවේදීන් මෙහිදි විමසා සිටියේ “අමාත්‍යවරයා මේ මුදල් ලබා ගත් බවට සඳහන් වන 118 ලැයිස්තුවේ සිටිනවාද ? ” යන්නයි. ඒ සදහා “නැත” යනුවෙන් පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා perpetual treasuries ආයතනයෙන් හෝ ඊට සම්බන්ධ කිසිදු අයකුගෙන් තමා මුදල් ලබා නොගත් බව අවධාරණය කළේය.

මෙවැනි තත්ත්වයක් ඇති වීම සම්බන්ධව සමාජයේ පුළුල් කතිකාවක් ඇති විය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා මෙවැනි සිදුවීම් හරහා දේශපාලනඥයින්ගේ ප්‍රතිරූපය බිඳවැටෙන බැවින් වෘත්තියවේදීන්, බුද්ධිමතුන් දේශපාලනයට ප්‍රවේශ වීමෙන් වැළකී සිටින තත්ත්වයක් මතු වන බව ද පැවසීය.

දේශපාලනඥයකු වශයෙන් යම් අයකු ගනුදෙනු මත පිහිටමින් මුදල් ලබාගෙන ඇත්නම් එය බරපතල ප්‍රශ්නයක් බව ද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *