(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා චීන සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත කළ අනාවරණයට අදාළ කරුණු රැස්කිරීම සඳහා මෙරට දූත පිරිසක් අමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් කාර්යාලය වෙත යෑමට නියමිතය.
මෙම සංචාරයේදී අදාළ පුවත්පත් වාර්තාව සම්පාදනය කළ මාරියා අබි හබීබ් හමු වී ශ්‍රී ලංකාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පුවත්පත් වාර්තාවක් පදනම් කරගෙන සිද්ධියට සම්බන්ධ බව කියන පාර්ශ්වවලට අධිකරණයේ නඩු පැවරිය නොහැකි බව නීති විශාරදයින් පෙන්වාදීමෙන් අනතුරුව රජය මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අදාළ දූත පිරිස ඇමරිකාවට පිටත් කිරීමට ඉහළින් උපදෙස් ලැබී ඇති බවද එම විදේශ කටයුතු අමාත්‍යංශ තොරතුරු නිලධාරියා කියා සිටියේය.
අදාළ නීති කෘත්‍ය පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසුවේ පුවත්පතක පළවූ වාර්තාවක් අධිකරණය ඉදිරියේ සාක්ෂියක් ලෙස භාවිත කිරීමට නොහැකි බැවින් පුවතේ සඳහන් ගනුදෙනුවට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රජය යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නම්, අදාළ පුවත්පත් වාර්තාවට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සාක්ෂි තිබිය යුතු බවයි.
(උපුටා ගැනීම – රැස පුවත්පත)