(කොළඹ, ලංකාපුවත්) – මෝටර් රථ සඳහා භාවිතා කරන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් සඳහා යූරෝ 4 (Euro 4) ප්‍රමිතියේ ඉන්ධන නිකුත් කිරීම අද(02) ආරම්භ විය.
මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන්නේ යූරෝ 4 ප්‍රමිතියේ මෝටර් රථ ය. ඒ අනූව, යූරෝ 4 ප්‍රමිතියේ ඉන්ධන මෙරට වෙළෙද පොළට අද නිකුත් කිරීම ආරම්භ කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.
ඔක්ටේන් 95 ඉන්ධන සහ සුපිරි ඩීසල් අලෙවි කළ මිලට යූරෝ4 ප්‍රමිතියේ ඉන්ධන ද මිල දී ගත හැකිය. මෙ ඉන්ධන, වාහනයේ පැවැත්ම සහ පරිසර හිතකාමීත්වය අතින් ඉහළ මට්ටම පවති.
මෙම අවස්ථාවට ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඉන්ධන වෙළෙද පොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක්ව සිටියහ.