CID කණ්ඩායමක් තලාවට යයි

(කොළඹ, ලංකාපුවත්) – අනුරාධපුර, තලාව ප්‍රදේශයේ සිදුවූ බැංකු කොල්ලය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත.

අදාළ බැංකු කොල්ලය පිළිබඳව තොරතුරු ඊයේ(02) අනාවරණය වූ අතර රුපියල් කෝටි 09 හමාරක පමණ වටිනාකමකින් යුත් මුදල් හා රන් භාණ්ඩ සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ පිළිබඳ පරික්ෂණ කටයුතු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ.ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් තලාව ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත. තවත් විමර්ශන කණ්ඩායම් 08 ක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලැබේ.

සැකකරුවන් විසින් බැංකුවේ පිටුපස දොර කඩා ඇතුළු වී සේප්පුවල තිබූ රුපියල් මිලියන 17 ක් සහ බැංකුව උකසට ගෙන තිබූ රන් භාණ්ඩ කිලෝග්‍රෑම් 22 යි ග්‍රෑම් 806 ක් සොරාගෙන තිබුණි.

අදාළ රන් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 78 කට අධික බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *