(කොළඹ, ලංකාපුවත්) – ලැබූ අමිහිරි පරාජයෙන් පසු දිනම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාල කණ්ඩායම රුසියාවට සමු දී සිය රට බලා පසුගියදා නික්ම ගියේය.
පරාජයේ වේදනාව විඳදරාගෙන ගුවන්තොටුපොලේ රැඳී සිටි ඡායාරූප මාධ්‍යවේදීන් වෙත මඳ සිනහ පෑමට රොනාල්ඩෝ අමතක කළේ නැත.
පිළිමළුන් පිටුදැකීමේ සුපිරි 16 දෙනාගේ වටයේ දී පෘතුගාලය 2-1ක් ලෙස උරුගුවේ හමුවේ පරාජයට පත් වූයේ මෙවර ලෝක කුසලාන සිහිනය කිසිවෙකු නොසිතූ ලෙස කලින්ම බොඳ කරමින් ය.
රොනාල්ඩෝ ඇතුළු කණ්ඩායම මෙලෙස ෂුකොව්ස්කි ගුවන් තොටුපොලෙන් යළි පෘතුගාලය බලා පිටත් වූයේ ඒ අනුව ය.