(කොළඹ, ලංකාපුවත්) –තායිලන්ත ගුහාවේ සිරවී සිටි එරට තරුණ පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ පුහුණුකරු මුදවා ගෙන තිබේ. මෙම මුදවා ගැනීමේ මෙහෙයුමට තායිලන්ත සහ විදේශීය පුහුණුකරුවන් 90කට ආසන්න පිරිසක් සහභාගි වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගුහාව තුළ සිරවී සිටි ළමුන් කණ්ඩායමේ ප්‍රථම ළමුන් දෙදෙනා බේරාගැනීම පසුගිය ඉරිදා එරට වේලාවෙන් පස්වරු 5.40ට පමණ ආරම්භ කෙරුණි.
ඉන් අනතුරුව තවත් ළමුන් දෙදෙනෙකු ඉරිදා දිනය තුළදීම මුදා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවිය. අනතුරුව පෙරේදා දිනයේ ක්‍රියාත්මක කළ සහන වැඩසටහනින් තවත් ළමුන් හතර දෙනෙකු ගුහාවෙන් මුදා ගැනීමට කිමිඳුම්කරුවන් ක්‍රියා කර තිබුණි.
මේ අනුව අවසන් වශයෙන් ගුහාව තුළ සිටි ළමුන් සිව්දෙනා සහ පුහුණුකරු ඊයේ(10) ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් බේරා ගැනිමට සහන කණ්ඩායම්වලට හැකිවිය.
මෙම ළමුන් 12 සහ පුහුණුකරු පසුගිය මස 23 වැනි දින මෙම ගුහාව නැරඹීමට ගොස් සිටියදී ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඉන් පිටතට ඒමට නොහැකි අන්දමට ගුහාව තුළ ජලය පිරී ඒ තුළම ඔවුන් කොටුවී සිටියේය. පසුව ක්‍රියාත්මක කළ මුදවා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ සතියක කාලයකින් මුදවා ගැනිමට සහන කණ්ඩායම්වලට මෙන්ම කිමිඳුම්කරුවන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
මෙම ව්‍යාපෘතියට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, අමෙරිකාව යන රටවල කිමිඳුම්කරුවන්ගේ දායකත්වය ළමුන් මුදවා ගැනීමේ වැඩසටහනට හිමිවිය.