(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද (16) පැවැත්වීමට නියමිත ය.
ඒ ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
මෙලෙස ජනපති ට්රම්ප්, රුසියානු නායකයා හමුවන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ලවන අවස්ථාවේ බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.