තාක්ෂණික දියුණුවත් සමග රටේ පරිවර්තනයක් ඇති විය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – තාක්ෂණික දියුණුවත් සමග රටේ පරිවර්තනයක් ඇති විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජංගම දුරකතන ඇතුළු තාක්ෂණික උපකරණවලට රටේ ඉතිහාසය පිළිබද තොරතුරු ඇතුළත් කිරීම වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

අගමැතිවරයා එහිදී කියා සිටියේ මෙරට ඉතිහාසය පිළිබඳ අනාගත පරපුර දැනුවත් කිරීම සඳහා මාධ්‍යට විශාල වගකීමක් පවතින බවය.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ වත්මන් රජය විසින් මෙරට ඉතිහාසය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

කුරුණෑගල, බෝපිටිය විහාරස්ථානයේ ඊයේ(15) පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය රාජ මහා විහාරයක් බවට පත් කිරීමට අදාළ සන්නස් පත්‍රය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹූරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ වෙත මෙහිදී පිළිගැන්වුණි. ඊට අදාළ සමරුඵලයක ද අග්‍රාමාත්‍යවරයා නිරාවරණය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *