(කොළඹ, ලංකාපුවත්) – බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ තීන්දුව අගෝස්තු මස 08 වනදා ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ.
2016 වසරේ ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උන් වහන්සේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද (18) කැදවනු ලැබීය.
ඥානසාර ස්වාමීන් වහන්සේගේ පාර්ශ්වය ලිඛිත දේශන අද ගොනු කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට පෙර සාක්ෂි ලබා දුන්නේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතට ගැනේ නම් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් යොමු කර තිබුණි.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව විවෘත අධිකරණයේ කැදවූ අවස්ථාවේ ඥානසාර ස්වාමීන් වහන්සේ හැසිරුනු ආකාරය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමේ හැකියාව මේ තුළින් හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් විමසා තිබේ.