(කොළඹ, ලංකාපුවත්) –ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය භාවිත කරන්නන් විසින් පළ කරන ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්රවෘත්ති ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවෙ, මියන්මාරය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීමට පසුගිය කාලයේ ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය තුළ පළ වූ ඇතැම් ප්‍රකාශ හේතු වූ අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මතබේදකාරී සහ ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ෆේස්බුක් සමාගම ඊයේ (18) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනි.
ප්රචණ්ඩ ක්‍රියා සඳහා අනුබල ලබාදෙන ආකාරයේ තොරතුරු ඉවත් කිරීම පමණක් මේ වන විට ෆේස්බුක් සමාගම සිදුකරන අතර නව පියවර යටතේ ශාරීරික හිංසනය ඇති කිරීමට හේතුවන ව්‍යාජ ප්රවෘත්ති ඉවත් කිරීමට ද තීරණය කර ඇත.
ඒ අනුව එක් එක් රටවල ෆේස්බුක් සමාගමට අයත් සංවිධාන වල සහයෝගයෙන් අදාළ ව්‍යාජ ප්රවෘත්ති හඳුනාගැනීමට නියමිත බව වාර්තා වේ.