(කොළඹ, ලංකාපුවත්) – විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන තාක්ෂණික උපකරණ අක්‍රිය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
යුද හමුදාවේ සහ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ සහාය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
විභාග අක්‍රමිකතා අවම කිරීම සදහා මෙම පියවර ගත් බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.
මෙවර 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වනදා ආරම්භ වී සැප්තැම්බර් පළමු වැනිදා අවසන් වේ.
විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.