(කොළඹ, ලංකාපුවත්) – ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට නවතම ගුවන් යානයක් ඊයේ(30) එක්විය.
කටුනායක ගුවන් තොටුපොළේ ශ්රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති ආගමික වතාවත්වලින් පසු එම යානාව මෙහෙයුම් සඳහා එක්කර ගැනුණි.
මෙය ජර්මනියේ නිෂ්පාදනය කරන ලද A-321 නියෝ වර්ගයේ ගුවන් යානයකි.
මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබෙනවා. ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර පියාපත් අතර දිග අඩි117.5 කි. උස අඩි 37.7 ක් බව සදහන් ය.
මෙම යානය තුළ ව්යාපාරික පංතියේ මගීන් 12 දෙනෙකුට, පිරිමැසුම්දායක පංතියේ මගීන් 176 දෙනෙකුට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමග කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකුට එකවර ගමන් කිරීමේ පහසුකම් පවතී.
මෙම ගුවන් යානය ශ්රී ලන්කන් ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවරුන් පිරිසක් ජර්මනියේ අදාළ කර්මාන්තශාලාවට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පසුගිය 29වනදා අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
දැනට ශ්රී ලන්කන් ගුවන් සේවය සතුව මෙම ගුවන් යානය ද සමග එයාර් බස් වර්ගයේ ගුවන් යානා 26 ක් පවති.