(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ(16) සවස 5.05ට පමණ අභාවප්‍රාප්ත විය.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 93කි. වකුගඩු ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු වජ්පායි මහතා අසාධ්‍ය තත්වයේ පසුවිය.
ඔහු දශක හතරක් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය.
භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පත්වූ ප්‍රථම දේශපාලන නායකයා ලෙස ද ඔහු ඉතිහාසයට එක්වේ.
වර්තමාන පාලක භාරතීය ජනතා පක්ෂය බිහිකිරීමෙහිලා වජ්පායි මහතා ප්රමුඛ මෙහෙවරක් ඉටු කරන ලදි.
එමෙන්ම ඉන්දීය කොන්ග්රස් පක්ෂයෙන් පරිබාහිරව වසර පහක නිල ධූර කාලය සම්පුර්ණයෙන් සේවය කිරීමට සමත් වූ ප්‍රථම අගමැතිවරයා ලෙස ද ඔහු ඉතිහාසයට එක්වේ.
ඔහු තෙවරක් ඉන්දියාවේ අගමැති පදවිය දරා තිබේ.