රවී යළි කැබිනට්ටුවට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටුවේ දී අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තාවේ.

ඒ, යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එම කමිටුව හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවති දීර්ඝ කතාබහකින් අනතුරුවය.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී පෙරේදා (05) පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධාන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් ජී පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *