(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශිෂ්ඨතම පාරිසරික ගෞරවය පිරිනමා තිබේ.
පරිසරය සුරැකීමට විශිෂ්ට ක්‍රියාමාර්ග ගත් පුද්ගලයින් සහ සංවිධාන 6 කට ‘චැම්පියන්ස් ඔෆ් ද අර්ත්‘ හෙවත් ‘මිහිකත හෝරාව‘ සම්මානය පිරිනමා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ජාත්‍යන්තර සූර්ය සංවිධානයේ නායකත්වයට සහ 2022 වසර වන විට ඉන්දියාවේ ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ඉවත් කිරීමේ පොරොන්දුව හේතුවෙන් මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇති බව සඳහන් ය.
මෙම සම්මානය ලබා දීම සඳහා මූලිකව ම අවශ්‍ය වූයේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ඨ ක්‍රියාමාර්ග ගත් පිරිසටයි. මේ අතර ඉන්දියාවේ කෝචි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ භාවිත කරන තිරසර බලශක්තිය සම්බන්ධයෙන් ද සම්මානයක් හිමිව තිබේ.