ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) –ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි. ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධාන කළ ජාතික උත්සවය අරලියගහ මන්දිරයේ දී අද(01) පැවැත්වේ.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව ‘දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැලට සවිය දෙන්න‘ යන්නයි. දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට එරෙහි හිංසනය පිළිබඳවයි මෙවර ළමා දිනයේ දී වැඩි අවධානයක් යොමුකර ඇත.

ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා කවරය නිකුත් කිරීම අද සිදු කෙරේ. විශේෂ දක්ෂතා සහිත දරුවන් 9 දෙනෙකුට හා ලෝක ළමා දින මුද්දරයේ චිත්‍රය නිර්මාණය කළ දරුවාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

මෙවර වැඩිහිටි දිනය සමරනු ලබන්නේ ‘මානව අයිතීන් දුන් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ටයන් අභිමානයෙන් සමරමු‘ යන තේමාවෙනි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද වැඩිහිටි ජනගහණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති. වසර 2050 වන විට එය 30% දක්වා වර්ධනය විය හැකි බවට පුරෝකථනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *