නව කැබිනට් අමාත්‍යවරු 17ක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම අමාත්‍ය ධූර පහත පරිදි වේ.

1. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
2. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
3. රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
4. ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක
5. දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත
6. කණක හේරත් මහතා – මහාමාර්ග
7. විදුර වික්‍රමනායක මහතා – කම්කරු
8. ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග
9. ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන
11. විමලවීර දිසානායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
12. කංචන විජේසේකර මහතා – බලශක්ති, විදුලිබල
13. තේනුක විදානගමගේ මහතා – තරුණ හා ක්‍රීඩා
14. නාලක ගොඩහේවා මහතා – ජනමාධ්‍ය
15. චන්න ජයසුමන මහතා – සෞඛ්‍ය
16. නසීර් අහමඩ් මහතා – පරිසර
17. ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා – වරාය හා නාවික

ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *