නවීඩ් නවාස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු තනතුර

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නවීඩ් නවාස් ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු ලෙස පත්කර තිබේ.

වසර දෙකක කාලයක් සදහා නවීන් නවාස් මෙම තනතුරට පත්කර ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අදාල පත්වීම පසුගිය අප්‍රේල් පළමු වෙනදා සිට ක්‍රියාත්මකය. ඒ අනුව නවීන් නවාස් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලසහය පුහුණුකරු තනතුරේ කටයුතු කිරීමට නියමිතය.

මිටපෙර නවීන් නවාස් බංග්ලාදේශ කණ්ඩායමේ වයස අවුරුදු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර 2020 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සදහා බංග්ලාදේශ කණ්ඩායම තරග වැදුනේද ඔහුගේ පුහුණුකාරිත්වයෙන් යුතුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *