(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියානු හිටපු ජනාධිපති ලී මියංග් බාක් හට එරට අධිකරණයක් විසින් අද (05) වසර 15ක සිරදඬුවමක් නියම කර තිබේ.
අල්ලස් සහ බලය අයුතු ලෙස භාවිත කළ බවට එල්ල වූ චෝදනා වලට වරදකරුවිම විම හේතුවෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවර අධිකරණයක් විසින් හිටපු ජනාධිපතිවරයාට මෙම දඩුවම නියම කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
සිරදඬුවමට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 11.5ක දඩයක් ද හිටපු ජනාධිපති ලී මියංග් හට නියම කර තිබේ.
කෙසේවෙතත් තමාට එරෙහි චෝදනා දේශපාලනික අරමුණු මුල්කර ගනිමින් ඉදිරිපත් කර ඇති බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ අනුව දකුණු කොරියානු හිටපු නායකයින් අතරින් දුෂණ අක්රමමිකතා චෝදනාවලට වරදකරුවිම වීම හේතුවෙන් බන්ධනාගාර ගත වූ සිව් වැන්නා බවට ඔහු පත්ව තිබේ.