තෙල් මිල අඩුවන කාලවකවානු ගැන වාර්තාවක් අගමැති ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක වෙළෙඳපොළේ තෙල්මිල පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩිසල් මිල ගණන් අඩු කිරීමට හැකිවන අපේක්ෂිත කාල වකවානු සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (11) උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත උපදෙස් දෙනු ලැබූවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමට මුහුණ දෙමින් මෙරට ජනතාවට සහන දිය හැකි නිශ්චිත කාලවකවානු ගැන අවබෝධයක් ගැනීම සඳහාය. ලෝක වෙළෙඳපොළ තෙල් මිල අඩු වූ වහාම ක්ෂණිකව එහි වාසිය ශ්‍රී ලාංකීය ජනතාවට දෙන ආකාරය ඉහත වාර්තාව මගින් විස්තර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වූ වහාම සහනය දෙනු ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *