(කොළඹ, ලංකාපුවත්) – 2017 ජාතික වප් මඟුල් මංගල්‍යය අද (29) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාමය ඓතිහාසික සඳගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වේ.
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර ඒ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සහභාගී වන පළමු නිල උත්සවයද මෙය වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ වප් මඟුල් උත්සවය සංවිධානය කර ඇති අතර මෙයට සමගාමීව ශ්‍රී ලංකාවේ විහාරස්ථාන පරිශ්රයක ඉදිකෙරෙන පළමු ජෛව විවිධත්ව පළතුරු උද්‍යානයද ජනාධිපතිතුමන් අතින් විවෘත කිරීමටද නියමිතය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වප් මඟුල් උත්සවය සංවිධානය කර ඇති අතර මෙහි ශ්‍රී ලංකාවේ වැවෙන විවිධ පළතුරු වර්ග 70ක් පමණ රෝපණය කෙරේ.
මහකන්නයේ දැනට ලැබෙන යහපත් වර්ෂාවත් සමඟ ඉතාමත් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වෙනවිට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වර්ෂාව ලැබී වැව් පිරි ඉතිරි ගොස් ඇති බවත් පවසන ඇමැති අමරවීර මහතා පසුගිය යල කන්නය සාර්ථක වූවාක් මෙන් මෙවර මහ කන්නය සාර්ථක වී ඇති බවත් සරු අස්වැන්නක් ලබා ගත හැකි වනු ඇති බවත් පෙන්වා දෙයි.
රට බත බුලතින් ධන ධාන්‍යයෙන් සපිරේවා යන අරමුණින් මේ වප්මඟුල් උත්සවය අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.