(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
එස්.බී. නාවින්න මහතා සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, එස්. වියාලේන්දිරන් මහතා ප්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.