(කොළඹ, ලංකාපුවත්) – සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය – 2018 අවසාන වටය සදහා සුදුසුකම් ලැබූ නාට්‍යයන්හි අධ්යක්ෂ ගුරුභවතුන් සඳහා නාට්‍ය හා රංගකලාවේදය පිළිබඳ තෙදින නේවාසික ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජනරාල්, හර්ෂ බී. අබේකෝන් මහතා පැවසීය.
එය දෙසැම්බර් මස 01, 02 හා 03 දිනයන්හි මීගොඩ අධ්‍යාපන සම්පත් මධස්ථානයේ දී පැවැත්වෙනු ඇත.
ටවර් හෝල් රඟහල පදනම විසින් උසස් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව, වාර්ෂිකව දීප ව්‍යාප්තව සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය සංවිධාන කරනු ලැබේ.
මෙම තරගයේ පළාත් වටයේ තරග විනිශ්චයෙන් අනතුරුව කෙටි නාට්‍ය 22 ක්, දිගු නාට්‍ය 08 ක් හා නූර්ති නාට්‍ය ජවනිකා 10 ක් වශයෙන් අවසාන වටය සඳහා සුදුසුකම් ලබා ඇත.
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහානාම වික්‍රමසිංහ, ප්‍රවීණ නාට්‍යවේදිනී කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රවීණ රංගන ශිල්පී ජයනාත් බණ්ඩාර, ප්‍රවීණ නාට්‍යවේදී වසන්ත විට්ටච්චි, ප්‍රවීණ නාට්‍යවේදී සමන් සොයිසා හා ප්‍රවීණ නාට්‍යවේදී සම්පත් පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ සම්පත්දායකත්වයෙන් අංග රචනය, නාට්‍ය සංගීතය, රංගවස්ත්‍ර නිර්මාණය, වේදිකා පසුතල නිර්මාණය, රංගනය, අධ්‍යක්ෂණය හා පිටපත් රචනය යන මාතෘකා යටතේ මෙම වැඩමුළුව පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.
27 වැනි වතාවට සංවිධානය කරන මෙම නාට්‍ය තරගයේ අවසාන වටය සඳහාකෙටි, දිගු හා නූර්ති නාට්‍ය ජවනිකා යන අංශ යටතේ පහත ඇතුළත් කර ඇති පාසල් සුදුසුකම් ලබා ඇත.