(කොළඹ, ලංකාපුවත්) – පැය 12ක් තුල දී වැඩිම පීසා ප්‍රමාණයක් නිපදවා වාර්තාවක් තැබීමට ආර්ජන්ටිනා කෝකිවරුන් පිරිසක් සමත්ව ඇත.
සිය ගණනක් කෝකිවරුන් ආජන්ටිනාවේ බුවනෝස් අයරේස් අගනුවරට රැස්ව මෙම ප්රයත්නය දැරීය.
ඔවුන්ගේ උත්සහය වූයේ, පැය 12ක කාලයක් තුල පීසා 11,000ක් සැකසීමයි. ඔවුන් පැය 12ක කාලයක් තුළ පීසා 11,287ක් සකසනු ලැබීය.
ඒ අනුව ගිනස් බලධාරීන් සඳහන් කර තිබුණේ, ඔවුන් පැරණි වාර්තා බිඳදමා නව වාර්තාවට හිමිකම් කියන බවය. දැනට මේ සම්බන්ධ ලෝක වාර්තාවට හිමිකම් කියනුයේ ඉතාලිය වන අතර ඔවුන් පැය 12ක කාලයක් තුළ පීසා 10,065ක් සකසා තිබේ.
ඊයේ වාර්තාව සඳහා පිටි කිලෝ 3,000ක්, සෝස් ලීටර් 3,100ක් යොදා ගෙන තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම පීසා විකිණීමෙන් ලැබෙන ආදායම සමාජ ක්‍රියා සඳහා යොදවන බව සංවිධායකයින් පවසයි