(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (13) පෙරවරුවේ ඉඩම් අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු නිරික්ෂණ කළේය.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය පිළිබදව විමසා බැලු ජනාධිපතිතුමා ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට විසදුම් ලැඛෙන එම ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ කටයුතු විධිමත් සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.
එමෙන්ම 2019 වසරේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ඛෙදා දීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන්නේ ය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.