(කොළඹ, ලංකාපුවත්) – තලවාකැලේ නගරයේ අද(16) අළුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.
තලවාකැලේ නගරයේ ප්රධාන වීදියේ මිරිස් ඇඹරුම් වෙළඳසලක අද අළුයම 02.10 ට පමණ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළෙදසැල් දෙකකට අලාභ හානි සිදුව ඇතැයි තලවාකැලේ පොලීසිය පවසයි.
මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර තලවාකැලේ – ලිඳුල නඟර සභාවේ ගිනි නිවන ඒකකය, තලවාකැලේ පොලීසිය ප්රදේශවාසීන් සමඟ එක්ව ගින්න පැතිරයාම මැඩ පවත්වා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තලවාකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.