(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර පාරිසරික නිර්දේශිත තත්ත්වයන් යටතේ ධීවර අපනයනයෙන් පළමු තැන ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
අමෙරිකාවේ සුප්‍රසිද්ධ මුහුදු ආහාර ශ්‍රේණිගත කරන්නා වූ ආයතනය වන ‘මොන්ටෙරේ බේ ඇක්වේරියම් සී ෆුඩ් වොච්‘ ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාව අනුව ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිව ඇත. ජාත්‍යන්තර නිර්දේශය හා පාරිසරික නිර්දේශිත තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේ දී එය නිසිලෙස ආරක්ෂා කරමින් කටයුතු කර ඇතැයි සදහන් වේ.
මෙය මෙරට මත්ස්‍ය නිෂ්පාදන ක්ෂේත්රයට යහපත් ප්‍රවණතාවක් ඇති කිරීමට පිටිවහලක් වනු ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.
පසුගිය ජනවාරි 14වන සදුදා දින මොන්ටෙරේ බේ ඇක්වේරීම් සී ෆුඩ් වොච් වැඩසටහන මඟින් මෙම සහතිකය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
ඔවුන්ගේ නවතම පර්යේෂණ, සමීක්ෂණ අනුසාරයෙන් ඇම්බජැක්, කාර්ප්, ස්මෙල්ට් ස්රඋට් යන මත්ස්‍ය වර්ගයන් සදහාවන ලෝක නිර්දේශිතයන්ද, කකුළුවන් සහ පොකිරිස්සන් සඳහාවන තත්කාලීන නිර්දේශයන්ද ලෝක මුහුදු ආහාර වෙළෙද සම්මේලනයේදී ප්‍රකාශ කර තිබෙන බව ශ්‍රී ලංකා ධීවර කර්මාන්ත වර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ස්ටීව් ක්රිච් මහතා ඊයේ(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ අතර ධීවර කර්මාන්තයේ සෑම ක්ෂේත්රයකම දියුණුව උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එහිදී කියා සිටියේය.