පිළිකා නිසා ඇතිවන මරණ දෙවන ස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසර කිහිපයේ දීම ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් පිළිකා නිසා ඇතිවන මරණ දෙවන ස්ථානයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

2018 වසරේ ලොව පුරා මිලියන 18.1ක් නව පිළිකා රෝගීන් හදුනාගෙන ඇත. පිළිකා රෝගය ලොව පුරා ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව තිබේ. ඉන් මිලියන 9.6ක් පිළිකා නිසා මිය ගොස් ඇත.

මෙම පසුබිම යටතේ පෙබරවාරි 04වනදා ලෝක පිළිකා දිනය සැමරේ.

2019 සිට 2021 දක්වා වසර 03ක කාලයක් සදහා ලෝක පිළිකා දිනයේ තේමාව ‘මම ක්‍රියාත්මක වෙමි – අද මෙන් හෙටත්‘ යන්නයි.

ඉදිරි වසර විස්ස තුළ අලුතින් හඳනා ගන්නා පිළිකා රෝගීන් මිලියන 29.5ක් දක්වා වැඩි විය හැකි බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *