(කොළඹ, ලංකාපුවත්) –ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හර්ට්විග් ෂෙෆර් මහතා තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රමෝපායන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනිම සහ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ සහයෝගය ලබාදිම පිළිබඳ සාකච්ඡා කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ බව සදහන්ය.
ශ්‍රී ලංකාව දුප්පත්කම තුරන් කිරීමේ දකුණු ආසියානු කලාපයේ ඉහළම ප්‍රගතියක් අත්කරගෙන ඇති රටක් බව ෂෙෆර් ප්‍රකාශ කර තිබේ. එසේම මානව ප්‍රාග්ධන සංවර්ධනය අනුව දකුණු ආසියාව තුළ දරිද්‍රතාවය අවම කිරීම වෙනුවෙන් ද ශ්‍රී ලංකාව ප්‍රශස්ත වූ ප්‍රගතියක් ලබා ඇත.
ෂේෆර් මහතා සිය සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහ බැංකු අධිපති ආදාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ නගරාධිපතිනී රෝසී සේනානයක ඇතුළු මෙරට නිලධාරීන් පිරිසක් ද හමුවීමට නියමිතය.