“ගොවිජන අභිමන් 2018” ජනාධිපති සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –“ගොවිජන අභිමන් 2018” ජනාධිපති සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ගොවිජන සංවර්ධන නිපුණතාවන් උදෙසා විශිෂ්ටයන්ට පිදෙන කාර්යය සාධන ජනාධිපති සම්මාන උලෙළ ප්‍රථම වතාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉදිරි වසර 05 තුළදී ක්‍රියාත්මක කිරීමට නියමිත උපාය මාර්ගික සැලසුම් ගොවි බිම හා ඒකාත්මික කරමින් උපරිම ඵලදායිතාවක් ඇතිකරගනු වස් ක්ෂේත්‍රයේ සමස්ත මානව සම්පත් අභිප්‍රේරණය කර නව ජවයකින් ඉලක්ක ගත සංවර්ධනය උදෙසා ප්‍රවේශවීම මෙහි අරමුණයි.

හොඳම දිස්ත්‍රික් කාර්යාලයල හොඳම ගොවිජන සේවා මධ්‍යස්ථානයල හොඳම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර කොට්ඨාශයල හොදම ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතියල හොඳම කාන්තා ක්ෂ්ද්‍ර මූල්‍ය සමිතියල හොඳම ගොවි සංව්ධානය, හොඳම ගෙවත්ත, හොඳම ගොවියාරැගෙවිලිය ඇතුළු තරඟ 18කට අදාළව ස්ථාන 03 ක් සඳහා සහතික පත්ල සම්මාන හා ත්‍යාග ලබාදීම මෙහිදී සිදු විය.

හොදම ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියා සහ දිවයිනේ හොදම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයාට හිමි ජනාධිපති සම්මාන ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්ගඑම්ගඑම්ගබීග වීරසේකර මහතා විසින් මෙහිදී “ගොවිජන අභිමන් 2018” සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මෙහිදී ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

අමාත්‍ය පී. හැරිසන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලිප් වෙදආරච්චි, වසන්ත අළුවිහාරේල අමිර් අලි යන මහත්වරුන් ද, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා ඇතුළු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර. සෙනෙවිරත්න මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *