(කොළඹ, ලංකාපුවත්) – “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර අද(08) මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.
එය ලබන 12 වනදා දක්වා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 14ක ක්‍රියාත්මකවේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන මහජන ගැටළු විසදීමේ අරමුණින් සිදු කරයි.
ජාතික වකුගඩු නිවාරණය ,ග්‍රාම ශක්ති,ස්මාට් ශ්‍රි ලංකා,ජාතික පාරිසරික සංරක්ෂණය සහ ජාතික මත්‍ද්‍රව්‍ය නිවාරණය ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මකය.
“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව නගරයේදී පැවැත්වීමට නියමිතය.