(කොළඹ, ලංකාපුවත්) –නුවරඑළිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැකගැනිම සඳහා නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් ඊයේ (16) පිළියෙල කර තිබුනි.
නුවරඑළිය වසන්ත උදානයට සමගාමිව නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරි රිෆාන් රෂිෆ් මහතා විසින් මෙම පුඩිම පිළියෙල කිරිමේ වැඩසටහන සංවිධාන කළේය.
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර නුවරඑළිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහතුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණ.
නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියෙකු වන රනිද්ර් සින් මහතා ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිළියෙල කිරිමේ අවස්ථාවට සහභාගි වුහ.
අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25ක අර්තාපල් පුඩිමක් පිළියෙල කරන ලදි.
මෙම අර්තාපල් පුඩිමට සමගාමිව නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් දේශිය අර්තාපල් වලින් පිළියෙල කරන ලද ආහාර ද්‍රව්‍ය ඇතුළු අතුරුපස වර්ග 100ක ප්‍රදර්ශන කුටියක්ද පැවැත්වු අතර එම ප්‍රදර්ශන කුටිය නැරඹිමට ආරාධිතයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ද එක් වි සිටිහ.
පසුගිය වසරේද නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් වලින් චෝකලට් කෙක් එකක් පිළියෙල කර ගිනස් වාර්තාවක් ද පිහිටවනු ලැබිය.
අර්තාපල්වලින් පිළියෙල කරන ලද ආහාර වර්ග සහ අතුරුපස ඇතුළත් ප්‍රදර්ශන කුටිය මේ මස 22 දින දක්වා නොමිලේ ප්‍රදර්ශනය කිරිමට 22 දින අර්තාපල් වලින් පිළියෙල කරන ලද විශේෂ සුප් පානයක් දෙස් විදෙස් සංචාරකයන්ට නොමිලේ ලබා දිමට ග්‍රැන්ඩ් හෝටලයේ පරිපාලන නිලධාරින් කටයුතු යොදා තිබේ.