(කොළඹ, ලංකාපුවත්) –මිලියන ගණනක ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා එකිනෙක ගණන් කරමින් දිගු කාලයක් රාජකාරියේ යෙදීම හේතුවෙන් ඇති වූ විවිධ රෝගාබාධ හේතුවෙන් ඉන්දුනීසියාවේ මැතිවරණ සේවකයින් 270 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැතිවරණ කොමිසමේ ප්‍රකාශක අරියෙෆ් ප්‍රියෝ සුසැන්ටෝ ප්‍රකාශ කරන්නේ මීට අමතරව සේවකයින් 1,878 දෙනකු රෝගී වී ඇති බවයි.
අප්‍රියෙල් 17 වැනි දා පැවැති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා මිලියන 7ක පමණ පිරිසක් සහභාගි වී ඇත.