යුද්ධ හමුදාවෙන් පළමු වරට ක්‍රීඩා ගීතයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධයට ජාතික ආරක්ෂාවට සමාජ සත්කාරයන්ට මෙන්ම ක්‍රීඩාවටද එක ලෙස දක්ෂතාවයන් පෙන්වන ලෝකයේ සිටින ඉහළම හමුදාවක් බවට පත්වී හමාරය.

එවැනි හමුදාවකට අත්‍යවශ්‍යව තිබූ යුධ හමුදා නිල ක්‍රීඩා ගීතයක අවශ්‍යතාවය මැනවින් වටහාගත් යුද හමුදාපති එය යථාර්ථ බවට පත්කර ඇත්තේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩා ගීතය යුද හමුදාවට දායක කරමිනි.

මෙහි නිර්මාණකරුවා වන මේජර් රවීන්ද්‍ර මීගමආරච්චි ගේ අපූරු හැකියාව ශ්‍රී ලංකාවේ චිත්‍රපට ගීත තේමා ගීත සහ එදා මෙදා තුර ජනප්‍රසාදයට පත්වු ගීතයන් තුළ මනාව සනිටුහන් විය.

ඔහුගේ හැකියාව දක්ෂතාවය යුද හමුදාවට උපරිම අයුරින් දායක කරගත් සුවිශේෂී යුද හමුදාපතිවරයා වත්මන් යුද හමුදාපතිවරයාය.

ආසයි මං පියාඹන්න චිත්‍රපටයේ පැහැසර ඔබෙ ආදරේ ගීතය හොඳම චිත්‍රපට ගීත රචක ලෙස සරසවි සම්මාන 2010 නිර්දේශ විය.

ගී පද රචන තනු නිර්මාණ සංගීතය සහ ගායනය යන සියලු අංශවලින් කැපී පෙනෙන දක්ෂතා දක්වන මේජර් රවීන්ද්‍ර මීගමආරච්චිට ඉතාමත් කෙටි කාලෙකදි ඕනෑම මාතෘකාව ගීතයක් නිර්මාණ කිරීමේ හැකියාව පවතී. පැහැසර ඔබෙ ආදරය ගීතයේ රචනා කාලය විනාඩි දහයකටත් නොවැඩිය. ශ්‍රී සුමංගල පිරිමි මහ විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා අනතුරුව යුද හමුදාවට එක්විය.

එය මෙතැනින් නරඹන්න . . .

https://www.facebook.com/watch/?v=712827319155274

Leave a Reply

Your email address will not be published. Required fields are marked *