ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – මාසයක කාලයක් පැවති උපවාස සමය නිමා කරමින් මුස්ලිම් ජනතාව අද (05) ඊදුල් පීතර් රාමසාන් උත්සවය සමරයි.

මෙය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උළෙලක් වන අතර ඉස්ලාම් දහමේ ඇති ප්‍රධානතම වගකීම් 5න් අවසාන වගකීම, නෝම්බි උපවාසයේ යෙදීමයි. මාසයක් පුරා හිරු උදාවේ සිට හිරු බැසයාම තෙක් ඔවුන් මෙම ශීලය ආරක්ෂා කරයි. මෙය ආගමික හා ශාරීරික ශික්ෂණය ඇති කරන විශේෂිත කාලයක් ලෙස ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරයි.

අල්ලා දෙවියන්ගේ නිර්දේශය මත යාඥාවන්හි සහ දන්පින් කටයුතුවල යෙදෙමින් ඔවුන් මෙම පුණ්‍යවන්ත සමය ගත කරයි. උපවාස මාසය අවසන් වෙන්නේ නව සඳ දැකීමෙන් අනතුරුවයි. එනම් චන්ද්‍ර මාස ක්‍රමය අනුව පෙළගැසෙන ඉස්ලාමීය මාස ක්‍රමයක ආරම්භය හා අවසානය නව සඳ දැකීමෙන් අනතුරුවයි. චන්ද්‍ර මාස ක්‍රමය අනුව පෙළෙගැසෙන ඉස්ලාමීය මාස ක්‍රමයක ආරම්භය හා අවසානය නව සඳ දැකීමේ චාරිත්‍රය අනුව සිදු වෙයි. උපාවාසය අවසන් කෙරෙන දිනයේ අලුත් ඇඳුම් ඇද ආහාරපාන බෙදාහදා ගනිමින් ඔවුන් ඊදුල් පිතර් උළෙල සමරනු ලබයි.

මෙදින ආගමික කටයුතු සඳහා මුස්ලිම් කාන්තාවන්ද දේවස්ථානයට යාම විශේෂත්වයකි. දෙමාපියන්, නෑදැ හිතමිතුරන් හා අසල්වාසීන් සලාම් දෙමින් හිතෛශීභාවය අලුත් කර ගැනීම මෙදින දැකිය හැකි චාරිත්‍රයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *